BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

අද රාත්‍රි 8 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද(26) රාත්‍රී 8.00 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකළා(Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ පවසනවා.

ඒ අනුව,

ගම්පහ දිස්ත්‍රික්කය –
කොටදෙණියාව පොලිස් වසමේ පොල්හේන, හීරලු ගෙදර සහ කලුඅග්ගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ,

මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ, අස්වෙන්නවත්ත නැගෙනහිර.

කළුතර දිස්ත්‍රික්කය –
මීගහතැන්න පොලිස් වසමේ, මිරිස්වත්ත, පැලවත්ත නැගෙනහිර, පැලවත්ත උතුර යන ග්‍රාමසේවා වසම්,

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය –
ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ බූම්බුහාර් ග්‍රාම නිලධාරී වසම ද හුදෙකළා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

මීට අමතරව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ද හුදෙකළා කෙරෙනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button