BREAKING NEWSEXCLUSIVE
මෙරට තවත් 7කට කොරෝනා ආසාදිත වෙයි – රෝගීන් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළට!

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
මෙම රෝගීන් 7 දෙනාම පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් සියලූ දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අය බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.
මෙම රෝගීන් සියළු දෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ අනුව මේ වන විට තහවුරු කරගෙන ඇති මුළු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18ක්.