BREAKING NEWSEXCLUSIVE
අධිවේගයේ තාප්පයක චිත්‍ර අදිමින් සිටි සම්මානලාභි චිත්‍ර ශිල්පියා පලංචියෙන් වැටී මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටුගහහේන ප්‍රදේශයේ පාලමක චිත්‍ර අඳිමින් සිටි සම්මානලාභී ජ්‍යේෂ්ඨ චිත්‍ර ශිල්පියකු පලංචියෙන් වැටී මරුමුවට පත්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ විජේරත්න නමැති 75 හැවිරිදි වියේ පසුවූ රාජ්‍ය සම්මානලාභී කලාකරුවායි.
ඔහු පලංචියෙන් ඇද වැටීමත් සමග කටුගහහේන රෝහලට රැගෙන ගිය අතර පසුව ඔහුව කළුතර නාගොඩ රෝහලට මාරු කර තිබෙනවා.
රෝහලට ඇතුලත් කරන විට ඔහු මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළා. මියගිය චිත්‍ර ශිල්පියා රාජ්‍ය සම්මාන, කලාභූෂණ පවා ලබා ඇති අයකු වනවා.