BREAKING NEWSPOLITICS

අධීක්ෂණයෙන් ජ්‍යේෂ්ඨයෝ ඉවත් වෙන්න හදන්නේ තරුණයන්ට වල කපන්නද?

ශ්‍රී ලංකාවේ අලුත්, තරුණ පරපුර පසුගිය සමයේ දිගින් දිගටම කී කතාවක් තිබුණි. එනම් අප රට වෙනස් කිරීමට නම්, අලුත් කිරීමට නම් අලුත් තරුණ පරපුරෙන් රටට නායකයන් අවශ්‍ය බවයි.

වැඩිහිටි පරම්පරාව පමණක් රටේ තීරණ ගැනීම මෙරට තරුණයාට සිදු කරන අසාධාරණයක් බව ඔවුන් කීවේය. කතාව ඇත්තය.

ලොව පුරා තරුණ නායකයන් බලගැන්වීම දියුණු රටවල සිදු වේ. ප්‍රංශයේ ජනපතිවරයා මැක්‍රොන් තරුණයෙකි. දියුණු රටවල කැබිනට් මණ්ඩල පිරී ඇත්තේ තරුණයන්ගෙනි.

මේ වෙනස ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය පොදුජන පෙරමුණු රජය යටතේය.

වත්මන් රජයේ කැබිනට් මණ්ඩලයට තරුණයන් ගෙනආවේය. ඒ සංකල්පය අලුත් විදියට හිතන ජනපති ගෝඨාභයගෙනි.

ඉතිහාසයේ පළමු වරට තරුණයන් බොහෝ ප්‍රමාණයකට වැඩ කළ හැකි රාජ්‍ය අමාත්‍යධූර වත්මන් රජයෙන් හිමි වූයේය. මෙරට තරුණයන් ජනපතිවරයාගේ එම ක්‍රියාකලාපය ඉතසිතින් අනුමත කරමින් ප්‍රශංසා කළේය.

අප කතාව එය නොවේ. මේ නූතන වෙනසට අකමැති කුහක පැරණි මිනිසුන් ගැනය.

වත්මන් රජයෙ කැබිනට් අමාත්‍යවරු යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කිරීමට නියමිතය.

වාර්තා වන්නේ තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ යටතේ අධීක්ෂණ මන්ත්‍රීධූර භාර ගැනීම ඇතැම් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් ප්‍රතික්ෂේප කර තිබේ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යේෂ්ඨයන් පිරිසකි.

සැබැවින්ම රටේ තරුණයෙකු ලෙස කණගාටුය. අප ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය ඇතැම් පුද්ගලයන් රටේ තරුණයන් යටතේ වැඩ කිරීමට අකමැති හනමිටි කාරයන්ය. මේ නම් කුහකකම හැර වෙන කුමක්ද ?

මෙලෙසට තරුණයන්ට කුහකකම් කරන රටක් ඉතිහාසයේ ගොඩ ගියේ නැත. දියුණු සෑම රටක්ම තරුණයන් සවිබල ගැන්වූ රටවල්ය.

අනිත් පසින් තවත් කරුණක් පැහැදිලිය. මෙරට මෙලෙසට තරුණයන්ට අවස්තාව හිමි වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයක් බිහි වූ නිසාය.

බැරිවෙලාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහි වුනා නම් මෙරට තරුණයන්ට සිදු වන්නේ, නමට ජ්‍යේෂ්ඨයන් යටතේ වැඩක් නොකර සිටීමටය.

මෙවන් කුහක, හනමිටි අදහස් ඇති පුද්ගලයන් ඊළග මැතිවරණයකදී ප්‍රතික්ෂේප කිරීම මේ රටේ තරුණ ප්‍රජාවට භාරය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button