නම පමණක් වෙනස් කර වැඩි මුදලටම අර්ධ සුඛෝපභෝගී බස් දුවන්න ඉල්ලූ බස් රථ හිමියන්ට රජයෙන් තද පිළිතුරක්

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට එරෙහිව පිළිගත කරුණු ඇත්නම් සතියක් තුළ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවිර බස් රථ නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා.
එම නියෝජිතයන් හා සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ගමනාගමන කොමිසම විසින් මගීන් දස දහසක් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදුකර ඇති අතර මෙම සමීක්ෂණයට සහභාගී වු මගී ජනතාවගෙන් 68%ක්ම මෙම සේවාව තවදුරටත් අවශ්‍ය නැති බව ප්‍රකාශ කර ඇති බවයි.
මගී ජනතාවගෙන් 8% ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන් බස් රථයට ගොඩවී ඇත්තේ එම බසය අර්ධ සුඛෝපභෝගී බසයක් බව නොදැන බවයි.
කෙසේ වෙතත් බස් රථ නියෝජිතයන් සඳහන් කර ඇත්තේ “අර්ධ සුඛෝපභෝගී” නාමය “සීඝ්‍රගාමී සිමීත නැවතුම් ” ලෙස වෙනස් කර ධාවනයට ඉඩ සලසන ලෙසයි.
එසේ වුවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ නම වෙනස් වුවද අයකරන මුදල වෙනස් නොවන නිසා එම තීරණයට එකඟ විය නොහැකි බවයි.