GOSSIP NEWSVIRAL NEWS
“ප්රහාරයක අවදානමක් – සියලු මංගල්‍ය පෙරහැර නවතන්න” අගරදගුරු පල්ලි වලට දන්වයි.!

රටම ජනපතිවරණ උණුසුමක පවතින මොහොතක කිතුණු දෙව්මැඳුරකට ප්‍රහාර එල්ලවීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී තිබීම හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන මංගල්‍ය පෙරහැර පැවැත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප්‍රකාශක ජූඞ් ක්‍රිශාන්ත පියතුමා විසින් දෙව්මැඳුරු මීසම්පාලක පියතුමන්ලාට දැනුම් දී තිබේ.
ඒ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ උපදෙස් පරිදිය.
මෙම තත්ත්වය මත සියලූම කිතුනු දෙව්මැඳුරුවලට ආරක්ෂාව සලසන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී තිබේ. මේ අනුව ප්‍රධාන දෙව්මැඳුරු ගණනාවකට පොලිස් රැකවරණය ලබා දී තිබේ.
ඒ සමගම පෙරහැර මංගල්‍යයන් නොමැතිව දෙව්මැඳුරු මංගල්‍යය හැකිතාක් චාම් අන්දමින් සිදුකරන ලෙස පියතුමන්ලාට වැඩිදුරටත් දැනුම් දී ඇත.