මංචනායක ජය ගනියි – ස්කූටර් මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දුගේ පියා කසිප්පු තොගයක් සමග අත්අඩංගුවට

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් විසින් පොලිස් නිළධාරීන්ට සිය රාජකාරිය සඳහා බාධා කරනා වීඩියෝවක් පසුගිය දිනවල සමාජජාලාවන්හි අතිශය ජනප්‍රිය විය.
ඒ එක්සත් ජාතික පක්ෂ වෙන්නප්පුව ප්‍රාදේශිසභා මන්ත්රීනී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ සොහොයුරිය විසින් පොලිස් නිළධාරීන්ට තර්ජනය කර බැන වදිනා වීඩියෝවකි. පසුව අදාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ‘ස්කූටර් අක්කා’ ලෙසින් සමාජජාලා මාධ්‍යයේ ප්‍රසිද්ධ විය.
මෙලෙසට කතාබහට ලක්වූ වෙන්නප්පුව ප්‍රාදේශිසභා මන්ත්රීනී දුලක්ෂි ප්‍රනාන්දුගේ පියා නීතිවිරෝධී මත්පැන් තොගයක් සමගින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මත්පැන් නීති විරෝධී මත්පැන් බෝතල් 48ක් සමගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේදීය. මීට පෙරද එම පුද්ගලයා මූ නීති විරෝධී මත්පැන් ජාවාරම පිළිබඳව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකි.
පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරනා එක්සත් ජාතික පක්ෂ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ප්‍රබල ආධාරකරුවෙකු වූ ඔහු කසිප්පු සමන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන්නෙකි.
ප්‍රාදේශීය සභාවට කාන්තා නියෝජනය සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීම නිසා අදාල කසිප්පු සමන්ගේ දියණිය දුලක්ෂි ප්‍රනාන්දුට හිටප්පු රාජ්‍ය අමාත්‍යවරයාගේ ලයිස්තුවෙන් ප්‍රාදේශීය සභා වරම් හිමිව තිබුණි.
දුලක්ෂි ප්‍රනාන්දු පසුගියදා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත නිදහස් වී සිටින්නියකි.
දුලක්ෂි ප්‍රනාන්දු සහ එජාප නියෝජ්‍ය අමාත්‍ය සජිත් ප්‍රේමදාස
කසිප්පු සමන්, දුලක්ෂි ප්‍රනාන්දු සහ හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා
හිටපු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා සහ දුලක්ෂි ප්‍රනාන්දු
දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ පියා කසිප්පු සමන්
අත්අඩංගුවට පත් වූ කසිප්පු සමන්
දුලක්ෂි ප්‍රනාන්දු විසින් පොලිස් නිළධාරීන්ට බාධා කරනා අයුරු දැක්වෙන වීඩියෝව