“පොහොට්ටුවට කඩේ ගියොත් ගෙවල් වලින් එළියට ඇදලා දානවා” ස්කූටර් මන්ත්‍රිනියගෙන් තර්ජන.!

පසුගිය දිනවල පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකුට සිය රාජකාරියට බාධා කළ පළාත් පාලන මන්ත්‍රීවරියක් කතාබහට ලක්වුනා.
“ස්කූටර් අක්කා” ලෙසින් සමාජජාලා මාධ්‍ය වල මෙලෙසින් කතාබහට ලක්වූයේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දුය.
මෙම සිදුවීමට සිරගත වීමටද සිදුවූ දුල්ක්ෂි ප්‍රනාන්දු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සිදු කළ දේශපාලන තර්ජනයක් නැවතත් කතාබහට ලක්ව තිබේ.
සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබනා දුලක්ෂි ප්‍රනාන්දු ප්‍රාදේශීය සභා මන්ත්රීනිය පවසා තිබෙන්නේ
“ප්‍රේමදාසයි පෙස්ටස් පෙරේරායි එකතු වෙලා දුන්නු ගෙවල් වල ඉදගෙන පොහොට්ටුවට කඩේ යන අයට කියන්න තියෙන්නේ මේ ඡන්ද කාලේ වගේම වහින කාලේ” යනුවෙනි.
ෆෙස්ටස් පෙරේරා යනු පුත්තල දිස්ත්‍රීක් හිටපු එජාප අමාත්‍යවරයෙකි. දුලක්ෂි ප්‍රනාන්දු ප්‍රා. සභා මන්ත්‍රීවරිය සහය දක්වන එජාප රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාගේ පියාය.
මේ අනුව මැතිවරණ සමයක දුලක්ෂි ප්‍රනාන්දු සිදු කර තිබෙනා තර්ජනය පැහැදිලිය. ඇය විසින් සිය දේශපාලන බලය භාවිතා කරමින් පුරවැසියන්ගේ දේශපාලන අයිතියට සිදු කර තිබෙනා තර්ජනය සුලුපටු නැත. මෙය මැතිවරණ නීතිය අනුවද වරදකි.
පුරවැසියන් සිය දේශපාලන මතය වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙන් මැර දේශපාලනයක නිරත දුලක්ෂිලාට ඔවුන් නිවෙස් වලින් ඇද දැමීමට ඉඩ දිය නොහැක.
මෙම තර්ජනය හැකි ඉක්මණින් මැතිවරණ කොමසාරිස්වරයාගේද අවදානයට පාත්‍ර විය යුතුව තිබේ.
meka news ekakda? please dont post bullsit