ARTICLESBREAKING NEWSEXCLUSIVE

විනය භාර ගුරුවරයා 7 වසරේ සිසුවාගේ කන පලයි!

සෙල්ලකතරගම මහ විදුහලේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුට පාසලේ විනය භාර ගුරුවරයා විසින් පහර දීම හේතුවෙන් රෝගාතුරු වී ඇති එම දරුවා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පසුගිය 16 වැනිදා පාසලේදී එම දරුවා මෙම පහරකෑමට ලක්ව තිබෙන අතර එම සිදුවීමෙන් දරුවාගේ කන සහ ඇස් වලට හානි සිදුව තිබෙන බව සඳහන්.

සිදුවීම සම්බන්ධයෙන් දරුවාගේ මව කතරගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන අතර ඇය ඊයේ (22) දින සිය දරුවට මුහුණ දීමට සිදුව තිබෙන අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු ආනාවරණය කළාය.

මව චෝදනා කරන්නේ පොලීසිය සහ පාසැල විසින් මෙම සිදුවීම වසන් කිරීමට දැඩි උත්සහයක් ගනිමින් සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන්පළවී තිබෙන මාධ්‍ය වාර්තාවද අසත්‍ය එකක් බව ඇය සඳහන් කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button