BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාසල් අරඹන පිළිවෙල එළියට. – ඌව මුලින්ම..

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසනවා.

එදිනට පාසල් විවෘත කිරීමට අවශ්‍ය පහසුකම් සකස් කරන ලෙස සියලු පළාත් අධ්‍යාපන කාර්යාල වෙත දැනුම්දී ඇති බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

“ඌව පළාතේ අපි තීරණයක් ගත්තා මම අධ්‍යාපන, සෞඛ්‍ය නිලධාරීන්ගේ නියෝගය මත ලබන මාසයේ, 18 වෙනිදා සිට ළමයි 200ට අඩු ප්‍රාථමික පාසල්  විවෘත කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරන්න කියලා. එතකොට සෞඛ්‍ය හා ප්‍රවාහන අවශ්‍යතාවයන් සලසා දීම ඒ අනුව වැඩකටයුතු අපි සියලුම අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දීලා තියෙනවා 18 වෙනිදා පාසල් විවෘත කිරීමට අවශ්‍ය වැඩකටයුතු සකස් කර ගන්න කියලා.”

මේ අතර දකුණු පළාතේ  සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 21 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා පැවසුවේය.

“දකුණු පළාතේ 514ක් එවැනි පාසල් තියෙනවා. අපි මුලික සාකච්ඡා පවත්වලා තියෙනවා සෞඛ්‍ය අංශ හා අධ්‍යාපන අංශය එකතුවෙලා. ඊට අමතරව ප්‍රාදේශීය සභාවල සහයෝගය අරන් පාසල් කාලයක් වසා තිබු නිසා සුද්ද කරලා විෂබීජහරණය කරගෙන මේ සඳහා සුදානම් කරගෙන යනවා. අපි විශ්වාස කරනවා මේ මාසේ 21 වන විට එවැනි පළාත් 9යේම එවැනි ගණයේ පාසල් විවෘත කිරීමට හැකියාව ලැබෙයි කියලා.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button