BREAKING NEWSEXCLUSIVEPOLITICS

මෙහෙ විතරක් නෙමෙයි නිව්යෝර්ක් වලත් ගෑස් නෑ- ඇමති එස්බී

පවතින ගෑස් හිගය, ඉන්ධන හිගය ශ්‍රී ලංකාවට පමණක් අදාල වන ගැටලුවක් නොවන බවත්, සමස්ත ලෝකයම මෙවැනි අර්බුදවලට මුහුණ දී සිටින බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා.

ඊයේ දිනයේදී ඇමරිකාවේ නිව්යෝක් නගරයේදී දැඩි ගෑස් හිගයක් තිබූ බව බීබීසීය වාර්තා කර තිබූ බවයි ඔහු සඳහන් කරන අතර, සමස්ත ලෝකයම මුහුණ දෙන අර්බුදයකට බොරතෙල් නිපදවන රටක් නොවන ශ්‍රී ලංකාව විසඳුම් සොයන්නේ කෙසේදැයි ඇමතිවරයා විමසා සිටිනවා.

පසුගිය දිනවලදී පැවති තරම් ඉන්ධන පෝලිම් මේ වනවිට දක්නට නොලැබෙන බවද දිසානායක මහතා සඳහන් කරයි. අද කොළඹ සිට මහනුවරට පැමිණෙන තෙක් කිසිදු ඉන්ධන හලක පෝලිම් නොදුටු බවද ඇමතිවරයා පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button