බුර්කා, හිජාබ්, අබායා අනිවාර්ය නැහැ – සෞදියේ සංචාරය කරන කාන්තාවන්ට නිදහස

දැඩි ඉස්ලාමික මතධාරී රාජ්‍යයක් වන සෞදි අරාබිය සිය රටේ සංචාරක කේෂ්ත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් කාන්තාවන් සඳහා පනවා තිබු ඇතැම් සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සෞදි අරාබියේ සංචාරය කරන කාන්තාවන් සඳහා මේ දක්වා අනිවාර්ය කර තිබු “අබායා” ඇඳුම තවදුරටත් අනිවාර්ය නොවන බව සඳහන්.
සෞදි අරාබියේ සංචාරක කොමිසමේ ප්‍රධානි අහමඩ් අල් කතීබ් රොයිටර්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටින්නේ එරට සංචාරය කරන කාන්තාවන්ට අබායා ඇඳුම මින් ඉදිරියට අනිවාර්ය නොවන බවය.
ප්‍රසිද්ධ ස්ථාන ඇතුළුව මුහුදු වෙරළවල් වලදී කාන්තාවන්ට විනීත ඇඳුම් ඇදීමට අවසර ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.. එසේ වුවත් සෞදි අරාබිය තුල මත්පැන් භාවිතය තහනම් කරමින් පනවා තිබෙන නිතිය වෙනස් කිරීමට තීරණය කර නැහැ.
මේ අතර සෞදි අරාබිය විසින් සිය සංචාරක කේෂ්ත්‍රයේ ආයෝජනය කිරීමට විදේශීය සමාගම් සඳහා නව මාර්ගයක් විවෘත කරමින් රටවල් 49 ක් සඳහා නව වීසා වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
වසර 2030 වන විට සෞදි අරාබිය සංචරක කේෂ්ත්‍රය තුල නව දියුණුවක් ලඟා කර දීමට එහි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් මෙම නව ක්‍රියා මාර්ග වලට එළඹීමට තීරණය කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ.