BREAKING NEWSEXCLUSIVE

පොඩි මිනිහට වාසියක් – අවුරුද්දට සතොසෙන් සහන මල්ලක්

එළබෙන අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් රුපියල් දහසක මිලකට ලක් සතොස හරහාලබාදීමේ සහන වැඩපිළිවෙළක් අද සිට අරඹන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන්කරයි. පෙබරවාරී මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 27 මිල ස්ථාවරව පවත්වාගෙන යාමට වෙළෙඳ අමාත්‍යංශයපියවර ගනු ලැබු අතර එම සහනය එසේම පවතිද්දි අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ12ක් හෙට සිට රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබා දීමට වෙළෙඳ අමාත්‍යංශ පියවර ගෙන ඇත. රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු සීනි කිලෝග්‍රෑම් 1ක්, රතු පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක්, තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක්, ලුණු පැකට් 1ක්, හාල්මැස්සෝ ග්‍රෑම් 250ක්, කෑලිමිරිස් පැකට් 1ක්, සෝයා මීට් පැකට් 1ක්, තේ කුඩු පැකට් 1ක් සහ මුහුණු ආවාරණයක් එම සහන මල්ලට අයත් අතරඑමගින්, පාරිභෝගිකයින්ට හිමිවන වාසිය රුපියල් 410කි. මේ පිළිබඳව ඊයේ පැවැති කැබිනට් තීරන දැනුම් දීමේමාධ්‍ය හමුවේදී, වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

සතොස වැළඳගත් ජනතාවට අවුරුදු දීමනාවක් ලෙස සතොස ආයතනය විසින් සහන මල්ලක් හෙට සිටලබාදෙනවා. තුළින් වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 410 ඉතිරියක් ඇතිවෙන බව තමයි සතොසින්මට දන්වලා තියෙන්නේ.  එක් පුද්ගලයෙකුට එක මල්ලක් පමණයි. දේශීය පොල්තෙල් සතොසෙන් ගන්න පුළුවන් පොල්තෙල්වලට ආදේශක වන සෝයා තෙල් රු.160ක් අඩුවෙන් අපි ලබා දෙනවා. “යනුවෙන් ප්‍රකාශ කරන ලදී

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button