GOSSIP NEWSVIRAL NEWS
පිත්ත හුරු සංගා මිරිස් ගලකින් පොල් සම්බෝල සෑදු හැටි!

හිටපු සුපිරි ක්රීඩක සහ එංගලන්තයේ මාලිබෝන් ක්රිකට් සමාජයේ වත්මන් සභාපති කුමාර් සංගක්කාර විසින් සිය ට්විටර් ගිණුමට එක්කළ ඡායාරූපයක් කතාබහට ලක්වෙනවා.
ඒ මේ දිනවල ලන්ඩනයේ ජීවත් වන සංගා ඔහු දැක බලා ගැනීමට පැමිණි මිතුරන් පිරිසකට සංග්රහ කිරීමට ආහාර සකස් කරන අයුරු එම ඡායාරූපයන්ගේ දැක්වුනා.
එහිදී ‘මිරිස් ගලක්’ උපයෝගී කර ගනිමින් සංගක්කාර පොල් සම්බෝල සාදන ආකාරය දක්වා තිබීම සිත්ගන්නාසුලු සිදුවීමක් බවට පත්ව තිබෙනවා.
එහි සටහනක් තබමින් සංගක්කාර පවසා තිබුණේ ලන්ඩනයේ තම මිතුරන්ට සංග්රහ කිරීම වෙනුවෙන් තමන් රසවත් ආහාරයක් පිළියෙල කළ බවයි.