BREAKING NEWSPOLITICS

ඒක සරල අනතුරක්,ගණන් ගත යුතු නැහැ – හිටපු ඇමති පාඨලී කියයි

2016 වසරේ රාජගිරියේදී තරුණයෙකු අනතුරට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා.අදාළ සිදුවීම පිළිබඳ හිටපු අමාත්‍යවරයාට සහ එවකට ඔහුගේ රියදුරුට විදේශ ගත වීම තහනම් කරමින් අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේ ඊයේ දිනයේයි.බත්තරමුල්ලේ පිහිටි හෙළ උරුමය පක්ෂ කාර්යාලයේදී පැවති අදාළ මාධ්‍ය හමුවේදී පාඨලී චම්පික රණවක කියා සිටියේ එය සරල රිය අනතුරක් බවයි.2016 වසරේ පෙබරවාරි මස 28 වනදා එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවකට අයත් ජිප් රථයකට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සංදීප් සම්පත් නමැති තරුණයෙකු ගැටී බරපතල තුවාල ලැබුවා.එහිදී ඔහු සමග සිටි තරුණයන් දෙදෙනෙකු අනතුර සිදුකළ ජිප් රථය ලූහුබැඳ ගොස් එය නතර කර ගෙන තිබුණා.අදාළ තරුණයා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදී ජිප් රථය පැදවූයේ පාඨලී චම්පික රණවක බවයි.මේ අතර, හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවකගේ ජිප් රථයේ ගැටී අනතුරට ලක්වූ සංදීප් සම්පත්ගේ වත්මන් තත්ත්වය පිලිබඳව අද අප විමසා බැලීමක් කළා.අනතුරින් පසු දින 15 ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සංදීප් අනතුරුව තවත් මාස 6 කට ආසන්න කාලයක් අඛණ්ඩව රෝහල් ගතව ප්‍රතිකාර ලබා තිබුණා.එහිදී ශල්‍යකර්ම කිහිපයකට භාජනය වූ සංදීප්ට ඉන් අනතුරුවත් අවස්ථා කිහිපයකදීම යළිත් රෝහල් ගත වීමට සිදුව ඇත්තේ සිදුවූ තුවාලවල බරපතලකම හේතුවෙන්.කෙසේ වෙතත් මේ වනවිට ඔහුට තනිව ඇවිද යාමට පවා හැකියාවක් නැහැ.අනතුරට පත්වන අවස්ථාවේදී පෞද්ගලික ආයතනයක සේවය කරමින් මෘදුකාංග ඉංජිනේරුවෙකු වීමේ සිහිනයෙන් සිය උපාධිය වසර 2 ක් සම්පූර්ණ කර තිබූ සංදීප්ට අද සිදුව ඇත්තේ තම දෙමාපියන්ගේ සහයෙන් නැගී සිටීමටයි.සංදීප්ගේ වම් අතේ තවත් ශල්‍යකර්මයක් කිරීමට ඉතිරිව ඇතත්, වෛද්‍ය මතය වී ඇත්තේ එම ශල්‍යකර්මය සිදුකළ හොත් ඔහුගේ මොළයේ ස්නායුවලට බලපෑමක් වී කෝමා තත්ත්වයට පත්විය හැකි බවටයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button