BREAKING NEWSEXCLUSIVE

සියයට 28 කින් හෙට සිට සමෘද්ධි සහනාධාර වැඩි වෙයි

සියයට 28 කින් සමෘද්ධි සහනාධාර මුදල් වැඩි කිරීමට රජය තීරණය කර ඇත.එමගින් හෙට සිට වැඩි වූ සහනාධාර මුදල සමෘද්ධි මූල බැංකු හරහා ලබාගැනීමට සමෘද්ධි ලාභීන්ට හැකි වන බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියා
වැඩි කළ මෙම සමෘද්ධි දීමනාව ලබාදීම සඳහා රුපියල් මිලියන 15,000 ක අමතර පිරිවැයක් රජය විසින් දැරිය යුතු වනවා. සමෘද්ධි සහනාධාරය සඳහා මෙම වසරේ වැය වන මුලු මුදල රුපියල් මිලියන 65, 000 ක්.
කෙසේවෙතත් සමෘද්ධි සහනාධාරය ලබාගැනීමට නුසුදුසු පුද්ගලයින් රැසක් මේවනවිටත් සමෘද්ධි සහනාධාරයෙන් ප්‍රතිලාභ ලබන බවයි සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරී සංගමය පැවසුවේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button