BREAKING NEWSEXCLUSIVE

ගුරුකන්ද නාහිමියන්ගේ ආදාහනය සිදු කළ පිරිස අත්අඩංගුවට ගන්න – සම්බන්ධන්ගෙන් ජනපතිට ලිපියක්

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ නාහිමියන්ගේ ආදාහන කටයුතු සිදුකළ පිරිස් අත්අඩංගුවට ගන්නැයි ද්‍රවිඩ සන්ධාන නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් ජනපති මෛති‍්‍රපාල සිරිසේනගෙන් ඉල්ලා ඇත.

ඒ ජනපතිවරයාට යැවූ ලිපියක් මගිනි.

එම අවස්තාවේදි පොලීසිය විසින් නීතිය නිසිලෙස කි‍්‍රයාත්මක කර නැතැයිද ඔහු ජනපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් කර තිබේ.

ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය පන්සල් භූමියේ සිදු කිරීමට දෙමළ සන්ධාන දේශපාලකයන් ප්‍රමුඛ පිරිසක් විරුද්ධ වූ අතර පසුව ඔවුන් එයට එරෙහිව අධිකරණ නියෝගයක්ද ලබා ගත්තා.

කෙසේ වෙතත් භික්ෂූන් වහන්සේලා පිරිසක් මුල්වී සියලූ බාධක නොතකා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වූවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button