GOSSIP NEWSVIRAL NEWS

“ජනපතිවරණයෙන් පැරදුනොත් නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත් කරනවා” රනිල් සජිත්ට දැනුම් දේ.!

එළඹෙන ජනපතිවරණයෙන් පරාජය වුවහොත් දැනට දරනා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස් වීමට සුදානම් වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දන්වා තිබෙන බව වාර්තා වේ.

මෙම ජනපතිවරණයට එජාප අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන්නේ ඔහුගේ දැඩි ඉල්ලීම නිසා බවත් ඒ හේතුවෙන් මෙම ජනපතිවරණය ජයග්‍රහණය කිරීම ඔහුගේ අභිලාෂය විය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දන්වා තිබේ.

තමන් යෝජනා කළ අපේක්ෂකයා එජාපයෙන් ඉදිරිපත් වූවා නම් බොහෝ බලවේගයන් එජාපයට එක් කරගැනීමට හැකිව තිබූ බවත්, සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුන්නේ පක්ෂය කැඩී වෙන්වීම වැළැක්වීමට බවත් රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කර තිබේ.

ඒ අනුව කෙලෙසක හෝ ජයහ්‍රණය කිරීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ වගකීම බවත්, ඔහු පරාජය වුවහොත් පක්ෂය තුල දරනා තනතුරු අත්හැරීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබෙන බව වාර්තා වේ.

මේ අනුව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකධූරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය නවීන් දිසානායක හා රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන බලාපොරොත්තු තබාගෙන සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button