BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

සභානායකවරයා රනිල්ට විපක්ෂ නායකයැයි කියූ නිසා සජිත් විරෝධතා නවතා පාර්ලිමේන්තුවට..!

සභානායකවරයා මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායකයයි කියූ නිසා එය දුරකතන අමතුමකින් දැනගත් සජිත් ප්‍රේමදාස මහතා කරගෙන ගිය විරෝධතාවය නවතා වහාම පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමින ඇති බව වාර්තා වනවා.

නමුත් එය පැවසූ විගසම තමන් විපක්ෂය නියෝජනය නොකරන බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙන අතර, තමන් පාර්ලිමේන්තු පක්ෂ නායක කමිටුව නියෝජනය නොකරන බවත් විපක්ෂය වෙනුවෙන් කතා කිරීමට නොහැකි බවත් ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේ ඇතිවූ ඊට අදාළ සංවාදය පහතින්

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ

”ගිය සතියට ඉස්සෙල්ලා සතියේ අපිට පොරොන්දු වුනා එදා තිබුන ලංකාවේ තිබුණ විදේශ විනිමය සංචිතය” භාරදෙන්න කියලා. අද වෙනකන් භාරදීලා නෑ.

සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

”ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නෙකුත් යොමුවෙලා තියෙනවා, අපි සවිස්තර තොරතුර මේ වෙනකොට සූදානම් කරනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ

”මේ ඇමතිතුමා නෙවෙයි ඉන්න ඕනේ, මුදල් ඇමතිතුමා ඉන්න ඕනේ පිළිතුරු දෙන්න. ප්‍රථම වතාවට මම දැකල තියෙන්නේ මුදල් ඇමති නැති විවාදයක්. ”

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

”මුදල් ඇමතිතුමා විටින් විට පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ඊයෙත් හිටියා. ඒ වගේම පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදුවන කටයුතු එවෙලේම මුදල් ඇමතිතුමා කාමරයේ දකිනවා.”

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර

”අපේ හිටපු අගමැතිතුමා හදිසියේම ඊයේ රෑ හීනයක් දැකල ද කොහෙද ඇවිල්ලා, මෙතන ප්‍රශ්න වගයක් මතුකළා. එහෙම ප්‍රශ්න මතුකරන්න පුළුවන් ද අනිත් පැත්තට කල් නොදී.”

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ

”ජනතාවට මේ පැත්තත් එපා වෙලා. ඒ පැත්තත් එපා වෙලා. අපි ඔක්කොටම බනිනවා ඒක මතක තියාගන්න. වාසුදේවට ඇරෙන්න අනිත් ඔක්කොටම බනිනවා. මෙතුමා කියනවා මට යන්න කියලා එතකොට පාර්ලිමේන්තු වැඩකටයුතු එතැනින් අවසන්.”

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

”අපි කවුරුත් එතුමාට ඉවත් වෙලා යන්න කියන්නේ නෑ. එළියට ගියපු අය කවුරුත් නැති නිසා ඔබතුමා තමයි විපක්ෂ නායක හැටියට ඉන්නේ. මම හිතන්නේ සජබේට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි හොඳම උපදෙස් දෙන්න මේ වෙලාවේ ඉන්නේ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ

”මම විපක්ෂයේ නෙවෙයි, මම පාර්ලිමේන්තු පක්ෂ නායක කොමිටියෙත් නෑ, මම ආවේ මේ ප්‍රශ්නේ ගැන අහලා යන්න. ඒත් මම කථානායකතුමාට කියනවා පත්කරන කොමිටියේ නම් ටික දීලා, ඊට පස්සේ පක්ෂ නායකයන් මෙහෙට කැඳවල සාකච්ඡාවක් කරන්න. මට බෑ විපක්ෂය වෙනුවෙන් කතාකරන්න. මට පුළුවන් මං වෙනුවෙන් කතාකරන්න විතරයි. මමත් රටගිය නිසා අද ආවේ මොකක්ද වෙන්නේ කියලා බලන්න. ”

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

”මට දැන් දුරකථන ඇමතුමක් ආවා සජබේ මන්ත්‍රී කෙනෙක්ගෙන්, ප්‍රේමදාස මහත්තයා හොඳටම බයවෙලා සමහරවිට අදම කථානායකතුමා හම්බවෙලා, අදම එන තත්ත්වයක් තියෙන්නේ, ඔබතුමාගේ පැමිණීම නිසා. ඊටත් වැඩිය බයවෙලා තියෙන්නේ, ඔබතුමා පිටරට ඉඳලා ඉක්මනින් පැමිණීම නිසා. එතුමාගේ විපක්ෂ නායකකම නැතිවෙයි කියලා බයවෙලා තියෙනවා. ”

කථානායක මහින්ද යාපා අබේවර්ධන

”මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි යෝජිත කමිටුවට යෝජනා කරලා තියෙන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ කිහිප දෙනෙක් කැමැත්ත පළකරලා තියෙනවා. ඉතිරි කණ්ඩායම තාම අපිට සම්බන්ධකරගන්න බැරිවුණා. අද ඒ අයගේ කැමැත්ත අරගෙන හෙට උදේට මන්ත්‍රී කණ්ඩායම නම්කරන්න බලාපොරොත්තු වෙනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button