BREAKING NEWSEXCLUSIVEPOLITICS
කොරෝනා වෛරසයට මා නවතන්න බෑ, අදත් ජනහමු තුනක් පැවැත්තුවා – සජිත් කියයි

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා තමන් ජනහමු තුනක් ඊයේ දින පැවැත් වූ බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
කොරෝනා වෛරසය කියමින් තමන් ජනතාව හමුවීම නැවැත්වීමට සමහරු කල්පනා කරන බව ද ඔහු පැවසීය.
සීත කාමරවල සිට දේශපාලනය කිරීමට තමන් සූදානම් නැති බවත් ඔහු කියා සිටියේය.
ජනහමුවක් අමතමින් පක්ෂ නායකයා මෙම අදහස් පල කරන ලදී.