එජාප කෘත්‍යාධිකාරිය එකම ගාලගෝට්ටයක් – රනිල්ගේ විරෝධය මැද සජිත් පැන යයි

ඊයේ පැවති එක්සත් ජාතික කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව උණුසුම්කාරී ස්වභාවයක් ගෙන තිබේ. එම හමුවූ අතරමැදදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එජාපයේ ඔහුගේ පාර්ශවය එම රැස්වීමෙන් නැගිට ගොස් තිබේ.
මීලඟ මහ මැතිවරණය උදෙසා සන්ධානයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත්කිරීම එජාප පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අනුමත කළද නව සන්ධානයේ ලකුණ අලියා ලකුණ විය යුතු බවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තදින් ප්‍රකාශ කර ඇත.
එජාපයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයද මෙම මතයම දිගින් දිගටම දරා තිබේ.
කෙසේ වෙතත් මීට විරෝධය පාමින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා දීර්ඝ විස්තරයක් කරමින් පෙන්වා දී ඇත්තේ නව සන්ධානයේ ලකුණ සියලු දෙනාටම එකඟ විය හැකි පොදු ලකුණක් විය යුතු බවයි.
එසේ නමුත් රනිල් පිල ඊට විරුද්ධව කරුණු දැක්වීමත් සමග සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස එම රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇත.
අවසන් වරට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා දැඩිව ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ එජාප නායකයාට අවශ්‍ය නම් අලියා ලකුණින් තරග කර ගන්නා ලෙසත් තමන් ආරම්භ කළ දේශපාලන ව්‍යාපාරය ඉදිරියටම ගෙන යන බවත්ය.