BREAKING NEWSEXCLUSIVE

සජිත් ප්‍රේමදාසගේ මොළය පරීක්ෂා කරගන්න ඕනෑ – අනුර කුමාර දිසානායක

පවතින තත්ත්වය මත ආණ්ඩුව තවදුරටත් රට පාලනය කළ නොහැකි නිසා වහා මැතිවරණයක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද යෝජනාව ජනතා විමුක්ති පෙරමුණෙහි දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ජ.වි.ප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය

එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා කියා සිටියේ ගෝලිය වසංගත තත්වයක් හේතුවෙන් රට අර්බූධයකට පත්ව ඇති මෙවන් අවස්ථාවක මැතිවරණ ඉල්ලා සිටින අයගේ මොළය පරීක්‍ෂා කල යුතු බවත් මේ අවස්ථාවේ කල යුත්තේ විනාසය අවම කර ගැනීම සදහා ආණ්ඩුවට බලපෑම් කල යුතු බවත් ඒ වෙනුවෙන් බලපෑම් වැඩි කල යුතු බවත් ය .

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා..,
‘මේ වගේ වෙලාවක මැතිවරණයක් ඉල්ලන කෙනාගේ මොළය පරීක්ෂා කරගන්න ඕනෑ. ඔය කණ්ඩායම් දෙකම හැමවෙලාවෙම කළේ පවතින පාලනය යම් අසාර්ථකත්වයකට පත්වීමේදී මෝහනයට පත්වීමයි. උද්දාමයට පත්වීමයි. රට හෝ ආර්ථිකය හෝ ජනතාව ගැන හැඟීමකින් කරන ප්‍රකාශ නෙවෙයි ඔය. පසුගිය මහ මැතිවරණය පැවැත්වීම කල් දැම්මේ දවසකට සීයක් විතර ආසාදිතයන් වාර්තා වෙද්දීයි. දවසකට දෙතුන් දෙනෙක් මියයෑම් වාර්තා වෙද්දී. අද දහස් ගණනක් ආසාදිතයන් වාර්තා වෙන, සිය ගණනක් මියයන තත්ත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලන අයගේ මොළය පරීක්ෂා කරන්න ඕනෑ නැද්ද? මේ වෙලාවේ අපි ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ විනාශය අවම කර ගන්න. ඒ වෙනුවෙන් බලපෑම් වැඩි කරන්න ඕනෑ. එහෙම නොකර ලාභ ලෙස බලය ලබාගන්න හිතන අයගේ අදහස් ගැන අපිට වෙන කියන්න දෙයක් නැහැ’

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button