BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආණ්ඩුව ජනතාවගෙන් කප්පම් ගන්නනවා – සජිත් ප්‍රේමදාස

මේ ආණ්ඩුවට රටේ ගොවියට වඩා පිටරට ගොවියා විශේෂ බවත්, අද වනවිට ආණ්ඩුව ජනතාවගෙන් කප්පම් ගන්නා මට්ටමට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සසුනට අරුණ” වැඩසටහන යටතේ  තිස්සමහාරාම ආසනයේ බැරගම 4 ඇල විශූද්ධාරාම විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ දහම්පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අද වනවිට පාරිභෝගික භාණ්ඩ මිල හිතුමනාපෙට ඉහළ යන බවත්, ආණ්ඩුවට ඒ කිසිවක් පිලිබදව වගක්වත් නැති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුවට දෙයියන්ගේ හාල් කැවී ඇතැයිද කීය.

මේ අන්තනෝමතික පාලනය තුළ සමස්ත ගොවිජනතාව අනාථවී ඇති බව කී ඒ මහතා මේ ආණ්ඩුව බිහිවී ඇත්තේ ජනතාව වනසා දැමීමට බවත් කීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button