GOSSIP NEWSVIRAL NEWS

“තනතුරු කිසිවක් එපා – ලක්ෂ 2700ක ණය ගෙවීමට උදව් කරන්න” සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රකාශයක්.!

තමන්ට පක්ෂ නායකත්වය හෝ විපක්ෂ නායකත්වය හෝ තනතුරු කිසිවක් අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වන්නේ ජනපතිවරණය වෙනුවෙන් ලබා ගත් ලක්ෂ 2700ක ණය ගෙවීමට උපකාරයක් බව එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසා තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළ බව පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු බල මණ්ඩලයේ සභාපති තීනියාවල පාලිත හිමි සමගයි.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී තීනියාවල පාලිත හිමි ප්‍රකාශ කළේ කිසිදු තනතුරක් අවශ්‍ය නොමැති ණය ගෙවීමට පමණක් අවශ්‍ය සජිත් ප්‍රේමදාස තනතුරු පොරයට ඇද දමන්නේ එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම බවය.

පසුගිය ජනපතිවරණ ප්‍රචාරණ සමයේ සජිත් ප්‍රේමදාස සිය ජනපතිවරණ මෙහෙයුම සදහා විශාල මුදලක් වැය කර තිබෙන අතර ලක්ෂ 2700 ක ණය ලබා ගෙන තිබෙන්නේ ජනපති වූ පසුව එම ණය ගෙවා දැමීමේ පොරොන්දුව මතයි.

Related Articles

One Comment

  1. මෝඩ ගොන් කතා මිනිස්සුන්ට කියන්ඩ එපා මොකද තමුසෙලගෙ website එකක් නෝන්ඩි වෙනවා . තීනියාවල පාලිත හාමුදුරුවෝ කරන්නේ රවී කරුණානායකගේ කොන්ත්‍රාත්තුවක් . තීනියාවල පාලිත හාමුදුරුවෝ කියන්නේ බිස්නස් කාරයෙක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button