පරාජයෙන් මසකට පසුවත් මානසික ආතතියට සජිත් ප්‍රථිකාර ගනියි.!

පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ පරාජයෙන් පසු මේ වන තෙක් කිසිදු මාධ්‍ය හමුවකට හෝ ප්‍රසිද්ධ කටයුත්තකට සහභාගී නොවීම සම්බන්ධයෙන් ඔහුට සහාය දෙන පාර්ශවයේ බලවත් නොසන්සුන්කමක් හටගෙන තිබෙන බව වාර්තා වේ.
ඊයේ දිනයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණ හමුවේටද සජිත් ප්‍රේමදාස එක්ව සිටියේ නැත.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පසු මේ දක්වා අවස්ථා ගණනාවකදීම මාධ්‍ය හමුවේ ඉදිරියේදී ඉදිරියේ පෙනී සිටි අතර පරාජය සම්බන්ධයෙන් ඔහුගේ විග්රහයද ඉදිරිපත් කරන ලදී.
නමුත් සජිත් ප්‍රේමදාස මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොකළ අතර එකම අවස්ථාවකදී පමණක් වොක්ෂෝල් වීදිය ඔහුගේ කාර්යාලයේ දී ආධාර කරුවන් කිහිප දෙනෙකු පමණක් මුණ ගැසුණේය.
ජනාධිපතිවරණ වේදිකාවේදී සජිත් ප්‍රේමදාස කියා සිටියේ තමන්ට හොඳ ඩයිනමෝවක් සහ හොඳ මෝටරයක් ඇති බවත් හොඳට වැඩ කරන්නට හැකි බවත්ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පසුව ඔහු දැඩි මානසික ආතතියෙන් පසුවන බවත් වෛද්‍ය උපදෙස් ලබා ගත් බවද වාර්තා වේ.