BREAKING NEWSEXCLUSIVE

පරාජ වැලකින් පසු සජිත් හම්බන්තොට අතහැර බදුල්ලට ?

පසුගිය ජනපතිවරණයෙන් ලැබූ පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස ඉදිරි මහමැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් තරග නොකිරීමේ ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

කුඩා කල සිටම වන අලින් නිරීක්ෂණය කිරීම සිය විනෝදාංශය කර ගත් සජිත් ප්‍රේමදාස ඒ අනුව යාලට සමීප හම්බන්තොට දිස්ත්‍රීක්කය සිය දේශපාලනය වෙනුවෙන් තෝරා ගත් බව කියවේ.

ඔහු හම්බන්තොට අත හැර බොහෝ දුරට බදුල්ල දිස්ත්‍රීක්කය තෝරා ගනු ඇතැයිද එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

බදුල්ල දිස්ත්‍රීක්කයේ එක්සත් ජාතික පක්ෂ නායකයා වන හරීන් ප්‍රනාන්දු මීලග මහ මැතිවරණයේදී එම දිස්ත්‍රික්කය අත හැර ගම්පහ දිස්ත්‍රීක්කයෙන් මැතිරවණයට තරග වැදීමට අදහස් කර සිටින බවද වාර්තා වේ.

සජිත් ප්‍රේමදාස දේශපාලනය ඇරඹීමට හම්බන්තොට දිස්ත්‍රීක්කය තෝරා ගත් අතර එම දිස්ත්‍රික්කයේ ජනතාවට රැකියා ඇතුලු විවිධ වරප්‍රසාද ලබා දුන්නද මැතිවරණ වලින් සජිත් ප්‍රේමදාස පරාජයට ලක් වීම හේතුවෙන් මෙම තීරණය ලබා ගෙන ඇතැයි කියවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button