BREAKING NEWSEXCLUSIVE
සජිත්ගේ නව පක්ෂය ලියාපදිංචි කෙරේ – ලකුණ ‘හදවත’

මීළඟ මහ මැතිවරණය සඳහා තරග වැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානය ‘සමගි ජාතික බලවේගය’ ලෙස නම් කර ඇතැයි වාර්තාවෙයි.
එහි මැතිවරණ ලකුණ ලෙස ‘හදවත’ තෝරාගෙන ඇති බවද වාර්තා වේ.
මෙම නව සන්ධානය පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාල ලියවිලි මේ වනවිටත් භාරදී තිබේ.
නව සන්ධානයේ ලේකම්වරයා කවුදැයි තීරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පස්වරුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.