සජිත්ගේ නව දේශපාලන පක්ෂය හෙට මහින්ද රාජපක්ෂ රඟහලේ දී එළි දැක්වේ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජන බලවේගය දේශපාලන සන්ධානය එලබෙන සඳුදා (02) උදෑසන 10.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ස්ථාපිත කෙරෙනවා.
එම අවස්ථාවට සන්ධානයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් එජාප නායක රනිල් වික්රමසිංහටද ඇරයුම් කර තිබෙනවා.
එලෙස ඇරයුම් කිරීමට ගිය අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ පැමිණීම තහවුරු කර නැතත් සන්ධානයේ ව්‍යවස්ථාව තමන්ට පරික්ෂා කිරීමට අවශ්‍ය බව කියා ඇතැයි වාර්තා වනවා.
එහිදී සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස සඳහන් කර ඇත්තේ ඒ විධිමත් ව්‍යවස්ථාවක් සකස් කර ඇති බවත් එය පසුව පරීක්ෂා කළ හැකි බවයි.
මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිළිබඳව මේ වනතුරු නිශ්චිත තීරණයකට පැමිණ නැතත්, සන්ධානයේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඒ පිළිබඳ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.