GOSSIP NEWSVIRAL NEWS
සජිත් අලුත් පක්ෂයට නම තබා ඇත්තේ “ස” අකුර මුල් කොටයි

හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් නායකත්වය දරනා ඔහුගේ පක්ෂය පසුගියදා ලියාපදිංචි කරන ලදි.
එම පක්ෂයේ නම වූයේ ‘සමගි ජන බලවේගය’ යි. මෙම පක්ෂයට නමක් තැබීමේදි සජිත් ප්‍රේමදාස හිටපු අමාත්‍යවරයා විසින් අපූරු රීතියක් අනුගමනය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
එනම් සිය ඕනෑම කටයුත්තකට නම තැබීමේදි සිය නමෙහි මුලකුර වන ‘ස’ අකුර මුලකුර ලෙසින් භාවිතා කිරීමේ අපූරු පුරුද්දක් සජිත් ප්‍රේමදාස හිටපු අමාත්‍යවරයාට තිබේ.
ඔහු විසින් සිය නව පක්ෂයට නමක් තැබීමේදීද මෙම අපූරු රීතිය අනුගමනය කළා යැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව ‘ස’ අකුරෙන් නම ආරම්භ වන ලෙසින් ‘සමගි ජන බලවේගය’ ලෙසින් නව පක්ෂය නම් කර තිබෙන බව කියවේ.
මින්පෙර සජිත් ප්‍රේමදාස හිටපු අමාත්‍යවරයා නිවාස අමාත්‍යධූරය දරන සමයේ අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර වෙනුවෙන් උදාගම්මාන දෙකක් ඉදිකළ අතර, ‘ස’ අකුරෙන් නම දැමිය යුතු නිසා එම ගම්මාන නම් කළේ “සදා ලෝක පූජීත අරවින්ද ද සිල්වා ගම්මානය” සහ “සදා ලෝක පූජිත කුමාර් සංගක්කාර ගම්මානය” ලෙසිනි.