සජිත්ගේ නව පක්ෂයට එජාපයෙන් බාල්දියක් – පක්ෂය පිළිනොගන්නැයි මැතිවරණ කොමිසමට ලිපියක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් මුල්වී සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා කර ඇති ඉල්ලීම නොපිළිගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර විසින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.
ජාතික ජනබලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරිම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි එජාපය යවා ඇති ලිපියේ සඳහන් කර ඇත.
සමගි ජාතික බලවේගයේ නමේ ඉංග්‍රීසි පරිවර්තනය ‘united national power’ යන්න බවත් එය කෙටි කළ විට UNP ලෙස දැක්වෙන් බවත් එම ලිපිය මගින් දැනුම් දී ඇත.
එම නිසා සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන යෙදුමක් වන බවද එම ලිපියේ පෙන්වා දී තිබේ.
එබැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ කෙටි යෙදුම වන UNP යන්නට සමාන වන බැවින් සමගි ජාතික බලවේගය නමින් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි නොකරන්නැයි ද කොමිසන් සභාවෙන් ඉල්ලා ඇත.