BREAKING NEWSEXCLUSIVE

“රිෂාඩ් බදියුදීන් ඇතුලු පාස්කු ප්‍රහාරයට සිරගත කළ සැකකරුවන් නිදහස් කරන සේ ඉල්ලලා” සජිත් තානාපතිවරුන් හමුවී සිදු කළ ඉල්ලීම!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින (27) ප්‍රමුඛ පෙළේ විදෙස් තානාපතිවරුන් හමුවුනා. මේ අවස්තාවට ඇමෙරිකානු තානාපතිවරිය, කැනේඩියානු මහකොමසාරිස්, ස්විට්සර්ලන්තයේ තානාපතිවරයා ඇතුලු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් සහභාගී වී සිටීයා.

මෙහිදී විපක්ෂ නායකවරයා විසින් සිය පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී මේ වනවිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරගත කර සිටින රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුලු සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට රජයට බල කරන ලෙසට විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එහිදී තානාපතිවරුන් විපක්ෂ නායකවරයාට පොරොන්දු වී ඇත්තේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නිදහස් කිරීම සදහා රජයෙන් ඉල්ලීම් කරන බවටයි.

කෙසේ වෙතත් රටේ විපක්ෂ නායකවරයා ලෙස මහා ත්‍රස්තවාදී ප්‍රහාරයක විමර්ෂණයන්ට මෙලෙසට බාධා කිරීම එතරම් සුදුසු කරුණක් නොවන බවට දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button