BREAKING NEWSEXCLUSIVE
සජිත්ගේ නායකත්ව ගුණාංග නොමැති වීම කැපි පෙනේ – රනිල් ඉදිරියේ යළිත් දණ ගහයි

වෙනම ලකුණක් යටතේ වෙනම තරග කිරීමට සැලසුම් කරගෙන තිබූ එජාප සජිත්ග් පාර්ශවය රනිල් පාර්ශවය ඉදිරියේ නැවතත් දණ නමා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මහ මැතිවරණය අලියා ලකුණින් තරග කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින් තිබේ.
සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ පක්ෂය රැකගැනීම සඳහා තමන් මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.
මේ අනුව අලියා ලකුණින් ඉදිරි මැතිවරණයට සඳහා තරග කිරීමට එජාප දෙපාර්ශවයම එකඟ වී ඇති බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තහවුරු කරනවා.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මින්පෙරද මෙවැනිම ආන්දෝලනාත්මක තීරණ රාශියක් ලබා ගත්තද, අවසානයේ සිය සඟයන්ද අමතක කරමින් රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයාට අවනත වීම කැපී පෙණුනි.