BREAKING NEWSEXCLUSIVEPOLITICS

සජිත් නොනවතින රැල්ලකට සැරසෙයි..!

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊ‌යේ රාත්‍රීයේදී රැස් වුනේ සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයද සමගින්.

එහිදී ජනතාව පෙළන ආණ්ඩුවේ පාලනයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ආණ්ඩු විරෝධී අරගලය සම්බන්ධයෙන් තීන්දු තීරණය රැසක් ගෙන තිබෙනවා.

ආණ්ඩුව පළවා හරින නොනවතින අරගලයක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති අතර ඒ සඳහා ආණ්ඩු විරෝධී සියලු බලවේග එකතු කර ගැනීමට තීරණය කර තිබේ. ඒ සඳහා ජාතික වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව සදහන්.

ජාතික මට්ටමේ විරෝධතාවලට අමතරව ප්‍රාදේශීය වශයෙන් සහ ආසන මට්ටමින් විරෝධතා සංවිධානය කිරීමටද තීරණය කර තිබේ. මේ අතර මෙවර මැයි දින රැළිය මහනුවර නගරයේදී පැවැත්වීමටද සමගි ජන බලවේගය තීරණය කර තිබෙන බවටත් වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button