BREAKING NEWSEXCLUSIVE

රාජිතගේ නිවසේ සජිත්, අනුර රහසේම හමුවෙයි – පොදු විපක්ෂ සංධානයක් සෑදේ

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට අයත් කොළඹ ටොරිංටන් පෙදෙසේ නිවෙසකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර රහසිගත හමුවක් සිදුව තිබේ.

මෙම රහසිගත හමුව සංවිධාන කර ඇත්තේ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය වන අතර රාජිත සේනාරත්න මහතා හමුව සඳහා අනුග්‍රාහකත්වය ලබා දී තිබේ.

පක්ෂ දෙකේම ඉහළ පෙළේ නායකයන් පමණක් දැන සිටි මෙම රහසිගත හමුව, ආණ්ඩුවට එරෙහි විපක්ෂ පොදු සංධානයක් සඳහා අඩිතාලමක් දැමීමක් යැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අනුව ඉදිරියේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එක්ව ආණ්ඩුවට එරෙහිව සටන් කිරීමට එකඟ වී තිබෙන බවත්, හැකි ඉක්මණින් රජය පෙරළා දැමීමට දෙපාර්ශවයම එකඟ වූ බවත් වාර්තා වේ.

ඉදිරියේදී “පොදු විපක්ෂ සංධානය” නම යටතේ දිවයින පුරාම විරෝධතා මාලාවක් සංවිධානය කිරීමටත් පක්ෂ නායකයන් දෙදෙනා එකඟ වී ඇති බවත් දේශපාලන ආරංචි සඳහන් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button