BREAKING NEWSEXCLUSIVEPOLITICS

සජිත් ඇතුළු මන්ත්‍රීවරු ලොරි සහ ට්‍රැක්ටර් වලින් පාර්ලිමේන්තු එති.

තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් අද (22) උදෑසන සමඟි ජන බලවේගය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුනා.

ඒ ඇතුල් කෝට්ටේ සිට පාර්ලිමේන්තුව දක්වා ඔවුන් තිරික්කල් විරෝධයකුයි එලෙස සංවිධානය කර තිබුනේ.

අද දින පාර්ලිමේන්තුව කැඳවන අවස්ථාවේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු මාරුවෙන් මාරුවට ඇතුල්කෝට්ටේ සිට පාර්ලිමේන්තුව දක්වා තිරික්කවලින් පැමිණීමට සැලසුම් කර ඇති බව සඳහන් වූවත් ඔවුන් ලොරි රථ, අත් ට්‍රැක්ටර් සහ බයිසිකල් වලින් පර්ලිමේන්තුව දක්වා විරෝධතාවයේ පැමිනියා.

මේ අතර තෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළකර විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමඟි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් අද උදෑසන කතානායකවරයාට භාර දෙමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button