BREAKING NEWSEXCLUSIVE
සල්ලි කතා කරයි – සජින් වාස්ට සැප දෙන්න බන්ධනාගාර නිළධාරීන් වෙනම පරිශ්‍රයක් හදයි

රක්ෂිත බන්ධනාගාරයට ගත කර සිටින සජින් වාස් ගුණවර්ධනට වැලිකඩ බන්ධනාගාරයේ සුපිරි පහසුකම් සැපයෙන බව වාර්තා වනවා.
සජින් වාස් බන්ධනාගාර ගතකරන ලද දිනයේදීම ඔහු අසනීප යැයි කියා බන්ධනාගාර නිළධාරීන් විසින් ඔහු රෝහල් ගතකළද පසුව කිසිදු රෝගී තත්ත්වයක් නැතැයි පවසමින් වෛද්‍ය නිළධාරීන් ඔහුව රෝහලෙන් බැහැර කර තිබුණා.
මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලේ අංක තුන වාට්ටුවේ සිටින මෙම සැකකරුට සියලු පහසුකම් සහිතව වෙනම නවාතැනක් සකස් කර දීමට බන්ධනාගාර නිළධාරීන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
සජින් වාස් බන්ධනාගාර ගත කළේ කෝටි තිස් තුනකට අධික මුදලක් වංචා කිරීම හේතුවෙනි.