OTHERSPORTS

සාග් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිවයිනට

මෙරට සාග් ඉතිහාසයේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනූ ශී‍්‍ර ලංකා කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් අද (11) දිවයිනට පැමිණීමට නියමිතය.

මෙවර ශී‍්‍ර ලංකාව දිනූ මුළු පදක්කම් සංඛ්‍යාව 251 කි. එයට රන් පදක්කම් 40ක් අයත්. සාග් ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව රන් පදක්කම් 40ක් දිනා ගත් දෙවන අවස්ථාව මෙයයි.

මෙවර වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් දිනු ක‍්‍රීඩකයා මැතිව් අබේසිංහ වනවා. ඔහු රන් පදක්කම් 07ක් දිනා ගත්තා.

ඉන්දියාව අභිබවමින් ශ‍්‍රී ලංකාව මෙවර මලල ක‍්‍රීඩා රන් පදක්කම් 15ක් දිනා ගන්නේ වසර 28කට පසුවයි.

මළල ක‍්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහගෙන් රන් පදක්කම් 3ක් ශී‍්‍ර ලංකාවට හිමිවන අතර වසර 15කට පසු ශ‍්‍රී ලංකාවට සාග් බොක්සිං රන් පදක්කමක්ද මෙවර හිමි වනවා. පළමු වරට මල්ලව පොර ඉසව්වෙන්, ජූඩෝ, කාන්තා බැඞ්මින්ටන් යුගල ඉසව්වන් මෙන්ම කාන්තා මැරතන් ඉසව්වෙන්ද ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් හිමිවුයේ මෙවරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button