GOSSIP NEWSVIRAL NEWS

රනිල්ගේ ඥාතී පුත් රුවන් විජේවර්ධනට නායකත්වය ලබා දෙන යෝජනාවකින් එජාපය උණුසුම්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා වත්මන් නායක රනිල් වික්‍රමසිංහගේ ඥාති පුත් රුවන් විජේවර්ධන නම් කිරීමට ගෙන ආ යෝජනාවක් හේතුවෙන් ඊයේ දිනයේ රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය දැඩි උණුසුම් වී තිබෙන බව වාර්තා වේ.

මෙම යෝජනාව හිටපු ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ විසින් යෝජනා කර ඇති අතර හිටපු ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය විසින් එය ස්ථිර කර ඇත.

ඉන්පසුව මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ පක්‍ෂයේ ජ්‍යෂ්ඨයන්ගෙන් රුවන් විජේවර්ධන නායකත්වයට පත් කිරීමේ යෝජනාවට දැඩි විරෝධය එල්ල වීම හේතුවෙන් යෝජනාව හකුලා ගෙන තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් ගෙන ඒමට වන සාකච්ඡාව කල් දැමීමට තීරණය වී ඇත.

සබැඳි පුවත් :

එජාප නායකත්වයට කරූ ජයසූරිය සුදානම් – වයස නිසා නවකයන්ගෙන් කැපිල්ලක්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button