BREAKING NEWSINTERNATIONAL NEWS

ඇමරිකාව එරෙහිව කටයුතු කිරීම සඳහා රුසියාවේ සහාය ඉරානයට හිමිවේ

ඇමරිකාව එරෙහිව කටයුතු කිරීම සඳහා රුසියාව පවසා ඇත්තේ තමන්ගේ සහාය ඉරානයට හිමිවන බවයි.

ඒ අනුව, ඉරානය මුල්කොට ගනිමින් යුද්ධයක් නිර්මාණය වුවහොත් එය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑමේ අවදානමක් පවතින බවට ජගත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරනවා.

සිරියාවේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී සිරියානු රජයට සහාය දක්වන්නේ ද රුසියාවය. ඒ, ඉරානය සමඟ එක් වෙමිනුයි.

ඉරාන හමුදා ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඇමෙරිකන් ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයෙන් මියගිය අවස්ථාවේදී, රුසියාව ඉරාන වැසියන්ට සොව පළ කර සිටියා.

සුලෙයිමානි ඉරාන ජනතාව වෙනුවෙන් කැපවුණු සැබෑ දේශප්‍රේමියකු යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button