BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSVIRAL NEWSWEST
උප නගර සියල්ල අත් පත් කර ගනිමින් රුසියානු හමුදා යුක්රේන අග නගරය වට කරයි..!

යුක්රේනයේ Berdyansk නගරය අත්පත් කර ගැනිමට රුසියානු හමුදාව මේ වනවිට සමත්ව තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර සිටින්නේ රුසියාව සෙමින් සෙමින් ප්‍රධාන අන නගරය වටා වලල්ලක් තනමින් සිටින බවයි.
මේ අතර මීලග පැය 24 තීරණාත්මක බව යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ වන විට යුක්රේනයේ කියුව්, කාර්කිව් ඇතුළු රට පුරා ප්‍රදේශ රැසක තවදුරටත් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටී.
මේ අතර, බෙලරුස් දේශ සීමාවේදී රුසියාව හා සාකච්ඡා සිදු කිරීමට යුක්රේන ජනාධිපතිවරයා කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
බෙලරුස් ජනාධිපති අලෙක්සන්දර් ලුකශෙන්කෝ සමග පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා පැවසුවේය.
පෙර කොන්දේසි රහිතව පැවැත්වෙන සාකච්ඡාවකට එක්වීම සඳහා තමන් එකඟ වන බව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.