යුක්රේනය වෙනුවෙන් සාම සාකච්ඡා සදහා පැමිනි රුසියන් ඔත්තුකරුවා ඝාතනය කරයි..!

පසුගියදා පැවැති රුසියානු – යුක්රේන සාම සාකච්ඡා සඳහා යුක්රේනය නියෝජනය කරමින් සහභාගී වූ සාම නියෝජිතයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
යුක්රේනය දියත් කළ හමුදා මෙහෙයුමකදී එම පුද්ගලයා ඝාතනය වී ඇති බවයි වාර්තා වන්නේ. ඔහු රුසියා යූක්‍රේනය සාම සාකච්ඡාවලටද එක් වුනේ යුක්රේන පාර්ශවයෙන් වූ අතර, එලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි හිටපු බැංකු සේවකයෙක් ලෙස යූක්‍රේන මාධ්‍ය විසින් වාර්තා කරනවා.එහිදී ඔහු සිදුකළ කාර්යය භාර්යය කුමක්ද යන්න නිශ්චිත ලෙස පැහැදිළි වී නොමැති බව සදහන්..
එහෙත් මෙම සාමාන්‍ය බැංකු සේවකයෙක් යූක්‍රේනය වෙනුවෙන් මෙවැනි ප්‍රශ්නයකදී සාම නියෝජිතයෙක් ලෙස එක් වීම ප්‍රශ්නාර්ථයක් වන අතර,එයට සහභාගී වූයේ යූක්‍රේන රජය විසින් විශේෂයෙන් තෝරාගත් පිරිසක් බව මීට පෙර කිය වුනා. ඔහු රුසියානු ඔත්තුකරුවෙකු බවට අනාවරණ වීම හමුවේ එලෙස ඝාතනය වී ඇති බව යූක්‍රේනය පවසනවන අතර එයට හේතු වූ කරුණු පිළිබඳව මෙතෙක් අනාවරණය කොට නැහැ.
කෙසේවෙතත් අදාළ පුද්ගලයා යුක්රේන ඔත්තුකරුවෙකු බවටයි රුසියාව ද චෝදනා කරන අතර මෙම ඝාතනය පිළිබඳව ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයින් යූක්‍රේන ආරක්ෂක අංශ දෙස යුධ අපරාධ ගොන්නට ඇතුලත් වන ඝාතනයයක්ද යන්න සැකැයද සහිතව දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර රුසියානු – යුකරේන සාම සාකච්ඡාවල තෙවන වටය හෙට පැවැත්වීමට නියමිතයි.