රුසියානු ජනපති පුටින්ගෙන් බටහිර බලවතුන්ට ප්‍රභල පිලිතුරක්..!

රුසියානු හමුදාව විසින් හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයක් එල්ල කර බටහිර යුක්රේනයේ විශාල භූගත අවි ගබඩාවක් විනාශ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
එය තහවුරු උවහොත් බොහෝ විට රුසියානු යුක්රේන යුද්ධයේදී MiG-31 ප්‍රහාරක ගුවන් යානයක් උපයෝගී කරගනිමින් රුසියාව විසින් එල්ල කරල ලද ප්‍රථම හයිපර්සොනික් බැලස්ටික් මිසයිලය එය වනු ඇති බව වාර්තා වනවා.
හයිපර්සොනික් මිසයිල යනු ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි මිසයිලයක් වන අතර හයිපර්සොනික් මිසයිල නිශ්පාදනය සඳහා රුසියාව විශාල ආයෝජනයක් කර ඇති බව රුසියානු ජනාධිපති වැල්දිමීර් පුටින් නැවත නැවතත් අවධාරණය කර සිටිනවා.
රුසියානු නිලධාරීන්ට අනුව Kinzhal මිසයිල යනුවෙන් නම් කර ඇති මෙම මිසයිල කිලෝමීටර් 2,000 (සැතපුම් 1,240) දක්වා ඉලක්කයකට පහර දිය හැකි අතර පැයට කිලෝමීටර 6,000 කට වඩා වේගයෙන් පියාසර කළ හැකිවේ.
රුසියාව එවනි මිසයිලයක් භාවිතා කිරීම යුක්රේනයට සහයෝගය හා ආයුධ ලබා දීමට එරෙහිව බටහිරට දුන් සංඥාවක් විය හැකි බවට යුධ විශ්ලේෂකයින් විසින් අදහස් පල කරනවා.