BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSVIRAL NEWS

තම යුද මෙහෙයුමට බාධා කරන ඕනෑම රටකට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරනවා – රුසියානු ජනපති පුටින්

තම යුද මෙහෙයුමට බාධා කරන ඕනෑම රටකට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරන බවට රුසියානු ජනාධිපති පුටින් අවධාරණය කර සිටිනවා.

ඔහුගේ මෙම ප්‍රකාශය නේටෝ හමුදාවන්ට සහ ඇමරිකාවට කල අනතුරු ඇඟවීමක් ලෙස යුද විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මේ ඉහත රූපයෙන් පෙන්වන්නේ රුසියානු බලඇණි යුකේනයට ඇතුල්වන ආකාරයයි.

මේ වනවිට යුක්‍රේනය ගුවන – ගුවන් යානා මුක්ත කලාපයක් බවට පත්ව තිබෙනවා. පුටින් සම්බාධක පනවන බාහිර ලෝකයට කියා සිටියේ ප්‍රහාර නවත්වන්නට ඔබ දමන සම්බාධක ප්‍රමාණවත් නොවන බවටයි.

ජර්මනිය විසින් සරණාගතභාවය යුක්‍රේන ජනතාවට ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී අප සැලකිය යුතු අති විශේෂිතම කාරනය නම් පුටින් සතුව තවත් ප්‍රබල අවියක් ඇති බවයි. එනම් රුසියානු ගෑස් සැපයුමයි. රුසියානු ජනාධිපතිවරයා විසින් එය එය නැවැත්වීමට කෙසේ හෝ අණ කලහොත් එක් රැයින් මුළු යුරෝපයම දණ ගසනු ලබන තත්වයක් මතුව තිබෙනවා.

එසේ වුවහොත් මුළු ලෝකයම මහා බලශක්ති අර්බුදයකට මුහුණ දීමේ අවධානමක්ද මතුව තිබෙන බව අප අමතක නොකල යුතුයි.යුක්‍රේන ජනපති පවසන්නේ තමන් අවසන් පුරවැසියා දක්වා සටන් කරන බවයි.

මේ අතර අනෙකුත් ලෝක බලවතෙකු වන චීනය තවමත් මේ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් සිදු කල නැති වුවද ඔවුන් මේ වන විට තායිවානයට වක්‍රව මේ සිදුවීම හරහා අනතුරු ඇගවීම් සිදු කරමින් පවතිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button