BREAKING NEWSEXCLUSIVEPOLITICS

පුටින් පසු බසියි! අල්ලාගෙන සිටි නගර පවා යලිත් යුක්‍රේනියානුවන් අතට!

රුසියාව විසින් අත්පත් කරගනු ලැබූ ඇතැම් නගර යුක්රේන හමුදා යළි අත්පත් කරගනිමින් ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කොට ඇත.

එහි ආසන්නතම සිද්ධිය ලෙස කිව් අගනුවරට ආසන්න මකාරිව් නගරය යළි සියතට ගැනීමට යුක්‍රේන හමුදා සමත්වී තිබේ.

යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ සිය හමුදා ප්‍රහාර හමුවේ රුසියානු හමුදා පසුබසිමින් ඇති බවයි.

රුසියානු හමුදා ආක්‍රමණයේ වේගය අඩාලවී ඇති බවද ඔහු පවසා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාසයකට ආසන්න කාලයක් දක්වා දික්ගැස්සී ඇති මෙම අර්බුදය හේතුවෙන් යුක්‍රේන වැසියන් ලක්ෂ 10 කට සිය නිවාස අහිමිවී ඔවුන් රුමේනියාව, මෝල්ඩෝව, හංගේරියාව හා ස්ලෝවැකියාව යන රටවලට පළාගොස් ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button