BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSWEST

රුසියා-යූක්‍රේන යුද්ධය තව තවත් දරුණු අතට..!

යුධ ගැටුම් ආරම්භක දින සිට මේ දක්වා රුසියානු සෙබළුන් 17ත් දහසකට වඩා මියගොස් ඇති බව යුක්‍රේනය පවසනවා.

රුසියා – යුක්‍රේන ගැටුම් ආරම්භ වී අදට දින 25ක්මේ වනවිට මරියුපෝල් නගරයේ දරුණු සටන් ඇවිළෙමින් තිබෙන අතර, ගැටුම් ඇරඹුණු දා සිට මේ දක්වා රුසියානු ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 2,000කට වඩා මියගොස් ඇති බව යුක්‍රේන බලධාරීන් පවසයි.

මෙවැනි ඛේදජනක තත්ත්වයක් හමුවේ වුවද යුක්‍රේන හමුදා තවමත් සටන අතහැර නැහැ. යුක්‍රේන හමුදා ඩ්‍රෝන මගින් ප්‍රහාර එල්ල කර රුසියානු සන්නද්ධ රථ පෙළක් විනාශ කරන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

කියුව් හි විසිර තිබූ රුසියානු සොල්දාදුවන්ගේ මළසිරුරු එක්රැස් කරන සහන කණ්ඩායම් දැක්වෙන වීඩියෝ ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

යුක්‍රේනය පවසන්නේ සටන ආරම්භ වී දින 23ක් තුළ රුසියානු සොල්දාදුවන් දාහත්දහසකට වඩා මියගොස් ඇති බවටයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button