BREAKING NEWSEXCLUSIVE

හෙටත් රුසියා – යුක්‍රේන සාම සාකච්ඡා

රුසියාවට එරෙහි බටහිර සම්බාධක, යුද්ධය ප්‍රකාශ කිරීමකට සමාන බව රුසියා ජනාධිපති විලැද්මීර් පුටින් පවසනවා.ඔහු සඳහන් කළේ යුක්‍රේන ගුවන් අවකාශය තහනම් කිරීමට දරන සියලු උත්සහයන් ගැටුමකට මුල පිරීමක් බවයි.රුසියාව, යුක්‍රේනයේ නගර දෙකක් සඳහා ඊයේ තාවකාලික සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කළා.ඒ වොල්නොවාක්සා හා මැරියපෝල් නගර සඳහායි.එහෙත් එය නාමමාත්‍රික සටන් විරාමයක් බවට යුක්‍රේනය චෝදනා කළා.රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානා සිය රටට ලබාදෙන්නැයි යුක්‍රේන ජනාධිපතිවරයා ඊයේ අමෙරිකානු සෙනට් මණ්ඩලය අමතමින් කළ ඉල්ලීම මංමුලා සහගත ආයාචනයක් බව විදෙස් මාධ්‍ය පැවසුවා.ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ද, රුසියා ජනාධිපති විලැද්මීර් පුටින් හමුවී ගැටුම් පිළිබඳව සාකච්ඡා කළා.අනතුරුව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන ජනාධිපතිවරයාට ද දුරකතන ඇමතුමක් ලබාදී තතු විමසා තිබෙනවා.ඔහුගේ සාකච්ඡාවල අරමුණ වන්නේ දෙරටේ ගැටුම් සමථයකට පත්කිරීම සඳහා, මැදිහත්කරුවෙකු වීමයි.මේ අතර රුසියා – යුක්‍රේන සාම සාකච්ඡා ක්‍රියාවලියේ තුන්වැනි වටයේ සාකච්ඡා හෙට ආරම්භ වනවා.ඒ මීට පෙර පැවති සාකච්ඡා වට දෙකම අසාර්ථක වී ඇති පසුබිමකදීයී.රුසියාව, පළමුව බෝම්බ හෙළීම නතර කළයුතු බව යුක්‍රේන ජනාධිපතිවරයා පැවසුවා.රුසියාව, යුක්‍රේනයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශයට පත්කළේ පෙබරවාරී 24 වැනිදායි.එතැන් සිට මේ දක්වා මියගොස් ඇති යුක්‍රේන වැසියන් සංඛ්‍යාව, 351 ක්.නිල වාර්තාවල එලෙස සටහන් වුව ද, මියගිය සංඛ්‍යාව ඊට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button