BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST

රුසියා-යූක්‍රේන සාම සාකච්ඡා සඳහා තැබූ අවසන් පියවරත් අසාර්ථක වෙයි..!

යුක්‍රේනය සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා බිඳවැටීමෙන් පසු රුසියාව සිය යුද මෙහෙයුම් නැවත ඉතා දරුණු ලෙස ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සාකච්ඡා පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මුල සිටම පැවැති පරස්පරතා සාකච්ඡා බිඳ වැටීමට හේතුවක් වී ඇති බව පැවසෙන්නේ.

රුසියාව ඒ සඳහා බෙලරුස් යෝජනා කර තිබුණත් යුක්‍රේනයට අවශ්‍ය වූයේ එම සාකච්ඡා පෝලන්තයේ පැවැත්වීමටය.

සාකච්ඡාවලට පෙර යුක්‍රේන හමුදා අවි බිම තැබිය යුතු බවටත් රුසියාව කොන්දේසියක් ඉදිරිපත් කර තිබුණා.කෙසේ වෙතත් යුක්‍රේනය පවසන්නේ රුසියාවේ දැඩි කොන්දේසි පිළිගත නොහැකි බවය.

සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව රුසියාව නැවත සිය යුද මෙහෙයුම් ආරම්භ කර ඇති සෑම ප්‍රදේශයකින්ම යුක්‍රේන අගනුවර ඉලක්ක කර ඉදිරියට ඇදෙන ලෙස රුසියානු බලධාරීන් ඊයේ සවස සිය හමුදා වෙත අණ ලබා දී තිබුණා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button