BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSVIRAL NEWS

රුසියානු හමුදා යුක්‍රේන අගනුවර වට කරද්දී සාම සාකච්ඡා ඇරඹෙයි..!

යුක්‍රේන සහ රුසියාව අතර බෙලරුස් දේශසීමාවේදී තීරණාත්මක සාකච්ඡා සදහා සියල්ල සූදානම් වන බවට වාර්තා වනවා.

ඒ අතර මේ මොහොත වන විට කිලෝමීටර් 4ක් දිග රුසියානු සන්නද්ධ රථ පෙළක් කියෙව් අගනුවර දෙසට ඇදෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගැටුම් නතර කිරීම සඳහා සාම ක්‍රියාවලියකට එක්වීමට රුසියාව යුක්‍රේනය වෙත තවත් එක් අවස්ථාවක් ලබාදී තිබේ.

මේ අතර යුක්‍රේන විදේස අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා “අපි වැටෙන්නේ නැහැ. අපි අපේ භූමියෙන් එක බිම් අඟලක්වත් අත්හරින්නේ නැහැ.” යනුවෙන් පවසා තිබේ.

යුක්‍රේනය සාකච්ඡා සඳහා එළඹී ඇත්තේ, න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබන්නැයි රුසියා ජනාධිපති විලැද්මීර් පුටින් නියෝග කර ඇති පසුබිමකය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button