BREAKING NEWSEXCLUSIVE

රුසියානු යුක්‍රේන අර්බුදයෙන් ලංකාවටත් බලපෑම්..

රුසියානු යුක්‍රේන අර්බුදය හමුවේ ඉදිරියේ දී මෙරට තේ කර්මාන්තයට බාධා එල්ල විය හැකි බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා සඳහන් කළේ,
යුධමය වාතාවරණය හමුවේ රුසියාවේ මෙන් ම යුක්‍රේනයේ ආර්ථිකයන් දැඩි පරිහානියට පත්වීම මීට හේතු විය හැකි බවයි.

මෙරට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස තේ අපනයනය සැළකෙන අතර ශ්‍රී ලංකාව තේ අපනයනය කරන රටවල් අතරින් තෙවන විශාලත ම ගැණුම්කරුවා වන්නේ රුසියාවයි.
රුසියාව විසින් වසරකට තේ කිලෝග්‍රෑම් මිලියන 26 කට ආසන්න ප්‍රමාණයක් මිල දී ගනු ලබනවා.

කෙසේවෙතත් පවතින යුධමය වාතාවරණය ඉදිරියට පැවතුණහොත් තේ අපනයනයෙහි අර්බුදයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර මෙරට ප්‍රධාන අපනයන බෝග දෙක වන තේ සහ රබර් සඳහා අවශ්‍ය පොහොර යම් යම් අඩුපාඩු මධ්‍යයේ වුවද ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button