රුසියාව යුරෝපයට ගෑස් සැපයීම සම්පූර්ණයෙන් අත්හිටුවයි. ලොව පුරා ගෑස් හිඟයක් අත ලඟ..?

රුසියාව මේ වනවිට යුරෝපයට සම්පූර්ණයෙන්ම ගෑස් සැපයීම නතර කිරීමට කටයුතු කර තිබෙනවා.
මීට පෙර මුළු යුරෝපයේම 70%ක පමන ගෑස් අවශ්‍යතාවය සැපයූවේ රුසියාව විසින්, දැන් එම ඉල්ලුම සපයා ගැනීමට ලොව අනෙක් රටවල් කරා යුරෝපා රටවල් යොමුවන බැවින් ලොව පුරා ගෑස් හිඟයක් ඇති වීමට බොහෝ ඉඩකඩක් පවතිනවා.
ලොව විශාලතම ගෑස් අපනයනකරුවා වන රුසියාවේ සිට යුරෝපය දක්වා ස්වභාවික ගෑස් සැපයීම සඳහා ඉදි වූ නළ මාර්ගය සඳහා ජර්මනිය නෝර්ඩ් ස්ට්‍රීම් 2 සහතිකය තාවකාලිකව අත්හිටුවූ බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස් නිවේදනයක් නිකුත් කරමින් පසුගිය සතියේ පවසා සිටියා.
නොර්ඩ් ස්ට්‍රීම් 2 යනු රුසියාවේ සිට යුරෝපය දක්වා ස්වභාවික ගෑස් සැපයීම සඳහා ඉදි වූ එක් නළ මාර්ගයකි. එම නළ මාර්ගය දිව යන්නේ ජර්මනිය හරහාය එම නිසා ජර්මනියේ අනුමැතිය මේ සඳහා අත්‍යාවශ්‍ය වේ.
මෙම නළ මාර්ගය සඳහා ජර්මනිය විසින් සිදුකරන අවසර දීමේ ක්‍රියාවලිය රුසියානු – යුක්රේන වාතාවරණය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. නමුත් දැන් ඇතිව තිබෙන තත්වය අනුව මුළු යුරෝපයම දැඩි අර්බුදයකට ලක් වනු ඇති.